*හින්දු සිද්ධස්තාන*

 

 හින්දු ආගමික ස්තාන  යනු හින්දු ආගම විශ්වාසකරන්නන් විසින් දේවියන් හා දෙවිවරුන්ට පූජා කිරීම, යාච්ඤා කිරීම, උත්සව පැවැත්වීම සහ ආගමික චාරිත්‍ර ඉටු කිරීම සදහා යොදා ගන්න ස්ථාන වෙයි.

මෙම ස්ථාන *කෝවිල්* ලෙස හදුන්වන් අතර සංකීර්ණ කලා නිර්මාණ ,විචිත්‍ර ගොඩනැගිලි ,මූර්ති හා කැටයම් අනර්ඝ ලෙස ඉදිකර ඇති බැවින් සංචාරක ආකර්ශනය දිනා ගන්නා ලද බව නොරහසකි.තිරුකෝනේශ්වර්ම් කෝවිල, කතරගම දේවලය,නල්ලුර් කෝවිල,මුන්නේශ්වරම් කෝවිල යනාදි ස්තාන ප්‍රසිද්ධ හින්දු දේවස්තාන ලෙස ගැනෙයි.


_1.තිරුකෝනෙශ්වරම් කෝවිල_


ත්‍රිකුණාමලය ද්‍රිස්ත්‍රීක්කයේ පිහිටා ඇති තිරුකෝනේස්වරම් හෝ කෝනේෂ්වරම් යන නම් වලින් හැඳින්වෙන මෙම ස්ථානය, ඒස්වරම් ප්‍රත්‍යයෙන් නම අවසාන වන සුප්‍රකට ශ්‍රී ලාංකේය කෝවිල් 5න් එකකි. වසර 6500ක ඉතිහාසයකට උරුමකම් කියන බව හින්දු පූජකයින් විශ්වාස කරන තිරුකෝනේස්වරම් කෝවිල රාම රාවණා යුගයේ සිටම පැවැත එන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මේ කෝවිල ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදි කර ඇති දේවාල අතරින් වඩාත් බලවත් දේවාලය මෙය බව බැතිමතුන්ගේ විශ්වාසයයි.

_2.කතරගම දේවාලය_

ලංකාවේ, කතරගම පිහිටි, කතරගම දේවාලය යනු කතරගම දෙවියෝ මහසෙන් ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතරින් එකක් වන එයට ශ්‍රී ලංකීය බෞද්ධයන් බහුතරයක් , දෙමළ ,හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව පුද පූජා පවත්වනු ලබනවා. පූජස්ථාන කීපයක එකතුවක් වන එහි කතරගම දෙවියන් නමින් හදුන්වන ස්කන්ද මුරුකන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. පසුගිය අවුරුදු දහසක කාලය ඇතුලත එයට ලගා වීමට ඉතා අපහසු වූ ආරණය පූජා බිමක් වූ අතර වර්තමානයේදී සෑම දේශගුණික මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී.සෑම බෞද්ධ පුද බිමක්ම සහ අසල පිහිටි කිරිවෙහෙර ,බෞද්ධයන් විසින් පාලනය කරනු ලබූ අතර බෞද්ධ පූජා භූමි වලට අමතරව විශ්ණු දෙවියන්ට ශිව දෙවියන්ට සහ මුස්ලිම් දේවස්ථානයටද පුද පූජා පවත්වන ලදී.

*කතරගම් දේවාල පෙරහැර:-* මෙය වාර්ශිකව පවත්වනු ලබන පෙරහැරකි.මෙය සංස්කෘතිකාංග අතර වැදගත් උත්සවයක් වන අතර සංචාරක ආකර්ශනය දිනා ගන්නා ලද වැදගත් පෙරහැරාංගයකි.



_3.නල්ලූර් කෝවිල_

යාපන නගරයට ඉතා සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පිහිටා තිබේ. යාපනයේ විවිධාකාර ඓතිහාසික ස්ථාන අතර නල්ලූර් හින්දු කෝවිල විශේෂ වන්නේ එහි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම නිසා ය. මෙය හින්දු සංස්කෘතියේ නළල්පට සේ සැලකෙන අතර ලක්දිව ශිව ආගමේ ප්‍රාණ නාලිකාව සේ ද පිළිගැනේ. කෝවිල් භූමිය ඉතා සිත්ගන්නාසුලු විවෘත වටපිටාවකින් යුක්ත වන අතර අභ්‍යන්තරය ද ඉතා දර්ශනීය වේ. සිතෙහි ඇති විවිධ සංකීර්ණ සිතුවිලිවලින් බැතිමතුන් මුදා සරල හා සැහැල්ලු ආධ්‍යාත්මික සුවයක් දෙන දසුන් හා නාදයන් ඒ තුළ වේ. හින්දු ආගමට ආවේණික ක්‍රම ඇසුරෙන් මිනිස් සිත් සුවපත්කරන ගුණය එහි රැඳී තිබේ. විවිධ සමාජ අසමානතා මේ තුළ දී දුරුව යයි. මේ නිසා මෙම හින්දු කෝවිල සියලු ආගමිකයන්ගේ පූජාවට, ගෞරවාදරයට පාත්‍ර වී ඇත.




_4.මුන්නේශ්වරම් කෝවිල_

ඉහතින් විස්තර කෙරුනු කෝවිල් වලට ඇතුල් වීමෙදි නියමිත වස්ත්‍රාභරණයෙන් යුතුව ඇතුල් වීම ,ගෞරවනීය ලෙස හැසිරීම ,බැතිමතින් සංග්‍රහ කිරීම,පූජකවරුන්ට නියමිත ලෙස සැලකීම,යනාදි වත්පිලිවෙත් අනුගමනය කර යුතුය.
එසේම ඒවායෙහි දක්නට ඇති කැටය්ම් ,මූර්ති ,චිත්‍ර වලට හාන් නොකර ඒවා ආරක්ෂා කර යුතු වේ.













ඉහතින් විස්තර කෙරුනු කෝවිල් වලට ඇතුල් වීමෙදි නියමිත වස්ත්‍රාභරණයෙන් යුතුව ඇතුල් වීම ,ගෞරවනීය ලෙස හැසිරීම ,බැතිමතින් සංග්‍රහ කිරීම,පූජකවරුන්ට නියමිත ලෙස සැලකීම,යනාදි වත්පිලිවෙත් අනුගමනය කර යුතුය.

එසේම ඒවායෙහි දක්නට ඇති කැටය්ම් ,මූර්ති ,චිත්‍ර වලට හාන් නොකර ඒවා ආරක්ෂා කර යුතු වේ.

Comments