*බෞද්ධ සිද්ධස්තාන*

  

 බොදු බැතිමතුන්ගෙ මහත් ගෞරවාදරයට පාත්‍රව වන්දනාමාන කරන පූජනීය බෞද්ධ ස්තාන රාශියක් ලංකාවෙ පවති.ඈත ඉතිහාසයේ සිට ඉදිවී ඇති මෙමෙ විහාර සෑම ද්‍රිස්ත්‍රීක්කයක් පාසාම හදුනා ගත හැකි අතර දැනට හදුනාගෙන ඇති බෞද්ධ විහාර ගණන 10,089 කි.බෞද්ධ සිද්ධස්තාන චෛත්‍යය , ආරාම හා ස්තූප යනාදි වශයෙන් කොටස් බෙදා අද්‍යන කර හැකි අතර මෙහිදි දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගන්නා ලද මූලික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් පිලිබදව අවධානය යොමු කරනු ලැබේ.

_1.ජය ශ්‍රි මහා බෝධිය_

අනුරාධපුර ඓතිහාසික නගරයේ පිහිටි පූජනීය ස්ථාන අතුරින් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස ජය ශ්‍රී මහ බෝධිය හැඳින්විය හැක. මෙය අටමස්ථාන අතරට ද අයත් වේ. මිහිදු මහරහතන් වහන්සේගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජතුමා විසිනි තම බෑනා වූ අරිට්ඨ කුමරු අත ධර්මාශෝක රජතුමාට යවන ලද ඉල්ලීම පිළිගත් එතුමා දඹදිව ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණිය ඇතුළු පිරිස සමග ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලදී.

එකල දේවානම්පියතිස්ස රජු විසින් ‍ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනයා පූජෝපහාර සහිතව පිළිගන්නා ලද මෙම බෝධි ශාඛාව මිහිදු මහරහතන් වහන්සේ විසින් පෙන්වන ලද පෙර බුදුවරුන් ගේ බෝධි පිහිටි තැන් හි අඩි 21 ක් පමණ ගොඩකරන ලද භූමියෙහි උඳුවප් පුර පසළොස්වක දිනට පෙර දින සවස රෙහෙණ නැකතින් රෝපණය කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය. 



_2.රුවන්වැලි මහා සෑය_


ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමුවන දාගැබ ලෙස හඳුන්වයි. කකුද නම් වැව කෙළවර පිහිට වූ ටැම් ලිපියට අනුව ක්‍රි.පූ. 138 දී දුටුගැමුණු මහරජ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනගන ලද බව සඳහන් ව ඇත. මෙහි ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇත.

කාලීනව රත්නමාලී ස්වර්ණමාලි හේමමාලි රුවන්වැලි සෑ නම්වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120 ක් උස විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත්වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. රුවන්වැලිසෑය ගොඩනැගීමේදී දුටුගැමුණු රජුතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන්පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බව සඳහන් ව ඇත.


_3.ථූපාරාමය_

ශ්‍රී ලංකාවේ තැනූ ප්‍රථම බෞද්ධ ස්තූපය ලෙස අඩු අභිෂේක ලද මෙම චෛත්‍යය බුදු රජාණන්වහන්සේ පෙරටු කොටගෙන කරවූ ආරාමය යන අර්ථයෙන් ථූපාරාමය ලෙස හඳුන්වනු ලැබීය. මෙය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද අතර මෙහි නිධන් වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු දාතුව නිදන් කර ඇත. තවද මෙම ස්ථානයේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද සංඝාරාමයක් ද ලජ්ජිතිස්ස රජු විසින් චෛත්‍ය ආරක්ෂාවට මෙන්ම අලංකාරයට ද හේතු වන වටිනා වටදාගෙය ඉදිකර ඇත. පරසතුරු උවදුරු වලින් විනාශ වූ මෙම චෛත්‍යය ක්‍රිස්තු වර්ෂ එක්දහස් 1825 දී එවකට අටමස්ථානාධිපතිව සිටි අතිගරු මයිලගම රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරවන ලදී.





_4.ජේතවනාරාමය_


අනුරාධපුර පිහිටා ඇති දාගැබ් අතුරින් ජේතවනාරාමය ප්‍රධාන දාගැබවේ. මෙය පාරිභෝගික චෛත්‍යයකි. අඩි 400 ක් උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලවේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදිකරවූවේ මහසෙන් රජු (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ.

_5.මිහින්තලය_

මිහින්තලේ හෙවත් මිස්සක පව්ව නමින් හැඳීන්වෙන කඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සෙවණ සැලසූ අතර උන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත. මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලයට යන සැහැදැවතුන් විසින් නැරැඹිය යුතු ස්ථාන රැසකි.මෙම ස්තාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්දියට පත්ව ඇත.

මිහින්තලය

_6 .ශ්‍රී දළදා මාලිගය_

ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. 
මෙසේ කාලාන්තරයක් තිස්සෙ පැවති මේ සිද්ධස්තානය අදටත් රාජ්‍ය අනුග්‍රය යටතේ දියුණුවෙමින් සංචාරක ආකර්ශනය දිනා ගනිමින් පවති.







මගේ රටට දළදා හිමි සෙවණයි..
මගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි..
උපතින් මා හට මේ හැම උරුමයි....

         දළදා පෙරහැර













_7.සෝමාවතී චෛත්‍යය_

සෝමාවතිය චෛත්‍ය යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුවේ පිහිටි සැලකිය යුතු බෞද්ධ ස්තූපයකි. එය රටේ වඩාත්ම පූජනීය ස්ථාන වලින් එකක් ලෙස සලකනු ලබන අතර වාර්ෂිකව බොහෝ අමුත්තන් ආකර්ෂණය කරයි. මෙම ස්තූපය වසර 2000 කට පෙර ඉදිකරන ලද බවට සැලකෙන අතර එය නම් කර ඇත්තේ කාවන්තිස්ස රජුගේ සහෝදරිය සහ ප්‍රාදේශීය පාලක ගිරි අභය කුමරුගේ බිරිඳ වන සෝමාවතී කුමරියගේ නමිනි.


     *බෞද්ධ සිද්ධස්තානයකට ඇතුල් වීමේදි අනුගමනය කර යුතු ක්‍රියාමාර්ග.*
1.සුදුසු ඇදුමකින් සැරසී සිටීම අනිවාර්ය වේ.(සුදු හෝ ලා පැහැති)
2 .හිස් වැසුම් ,පා වැසුම් ඉවත් කර යුතුය.
3 .පුද බිම තුල ගෞරවනීයව හැසිරිය යුතුය.
4 . අන් අයට හිරිහැරයක් නොවන ලෙස සිටිය යුතුය.
5 .චායාරූප නොගත යුතු ස්තාන් වලදී ඒ අණ පිලිපැදිය යුතුය
6.නිශ්ශබ්දව සක්මන් කල යුතුය.

**සිද්ධස්තාන විසින් ආගමික ජනයාට සලසා ඇති පහසුකම්.*
1.වාහන නවාතැන් පහසුකම්
2.ජල පහසුකම්
3.වැසිකිළි පහසුකම්
4.විවේකාගාර පහසුකම්
5.ස්ථාන පහසුකම් 


මේ යනාදි වශයෙන් දැක්වූ කල ලංකාවෙ බෞද්ධ ආගමික ස්තාන රාශියක් අතරින් තෝරගත් ප්‍රසිද්ධ ස්තාන  කිහිපයක් පිලිබදව ඉහත සදහන් කෙරුනෙමි. ඒවායෙ කෙටි ඉතිහාසයත්, රූපමය අවකාශයත්,අනුගමනය කළ යුතු වත් පිලිවෙතුත්, ලබා දී ඇති පහසුකමුත් එහිදි කරුණු පෙලගස්වා ඇත.
                  







Comments