Skip to main content
ශ්‍රී ලංකීය සංස්කෘතිය ආගම හා බැදී පවතී. ශ්‍රී ලංකාව තුල විවිධ ආගම් නියෝජනයක් පවතී. බෞද්ධ බැතිමතුන් පොහොය දිනයන් සමරන අතර හින්දු හා මුස්ලිම් භක්තිකයන් ඔවුන්ට වැදගත් වන දිනයන් සමරනු ලැබේ. ශ්‍රී ලාංකිකයන් දැඩි ආගම් භක්තිකයන්ය. මක් නිසද යත් පුරතන යුගයේ පටන් විවිධ ආගමික ඇදහිලි සඳහා මුල් තැන ලබා දී ඇති නිසාය. ශ්‍රී ලංකාව පුරා බොහෝ පන්සල් මෙන්ම මුස්ලිම් පල්ලි, හින්දු දේවස්ථාන පැතිර පවතී. ලංකවේ ප්‍රාදේශීයව පවතින ආගමික සිද්ධස්ථාන දෙස බැලීමෙන්ම ආගමික නැඹුරුව තීරණය කළ හැක. ශ්‍රී ලංකවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බොහෝ හින්දු දේවාල සහ මුස්ලිම් පල්ලි දැක ගත හැකි වන්නේ එම ප්‍රදෙශයන්හි දෙමළ හා මුස්ලිම් ජනගහනයක් ව්‍යප්තව ඇති බැවිනි. රෝමානු කතෝලික හා පොතෙස්තන්ත්‍ර ආගම් අදහන්නන් බොහොමයක් දකුණු මුහුදු තීරයේ ව්‍යාප්තව ඇති බැවින් බොහෝ පල්ලි දැක ගත හැක. ශ්‍රී ලංකවේ ප්‍රධාන ආගම බුද්ධාගම වීම බැවින් දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දීප ව්‍යාප්තව බෞද්ධ ආගමිකයන් විසිරී පැතිරී.
Comments
Post a Comment